මෙම පාසල ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ ඒ.එම්.සුදුබණ්ඩා මහතාය.
එකල අප ප්‍රදේශයේ දානපතියකු වූ ඒ.එම්. සුදු බණ්ඩා මහතා ගේ මූලිකත්වයෙන් පාඨශාලාවේ සිසුන් හට එම කාලයේ ඉතා වැදගත් සම්පතක් වූ ගල්ලෑලි තොගයක් වර්ෂ 1949 ජූනි මස 29 දින බෙදාදීමට කටයුතු කර තිබූ බවට අතීත පාසල් මූලාශ්‍රවල දැක්වේ.එමෙන් ම කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් වර්ෂ 1952 අගෝස්තු මස 22 දින ලියන මේස 60 ක් ද,තනි මේස 30 ක් ද, කුඩා පුටු 30 ක් ද, කබඩ් 1 ක් ද, රාක්කයක් ද, කළු ලෑලි 2 ක් ආදි ඉතා වටිනා භාණ්ඩ බොහෝමයක් ද අප විද්‍යාලයට පරිත්‍යාග කර තිබුණු බව ද අතීත පාසල් මූලාශ්‍ර දෙස බලන විට පෙනී යයි.