- අවම වශයෙන් පාසල ආරම්භ කිරීමට විනාඩි 15 කට පෙර පාසලට පැමිණිය යුතුය නියමිත නිළ ඇදුම හා බාහිර පෙනුම පාසලට සුදුසු විය යුතුය.
- පන්තිය හා පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම පෙ.ව.7.25 වන විට අවසන් කළ යුතුය
- ප්‍රධාන රැස්වීමට හා පන්ති රැස්වීම ඇති ස්ථානයට පෙළට පැමිණ ස්ථාන ගතවීම
- නියමිත වේලාවට ආගමික වතාවත් ඇරඹීම
- ආගමික වතාවත් අවසානයේ පන්තිය දක්වා පෙළට ගමන් කිරීම
- විද්‍යාගාර,සෞන්දර්ය,පුස්තකාල වැනි ඒකක කරා යෑමේදී පෙළට ගමන් කිරීම
- පාසල තුළ ගමන් කිරීමේදී ප්‍රධාන මාර්ගය පමණක් භාවිත කිරීම
- පාසලේ මිදුල්වල,ගොඩනැගිලි වටා කොරිඩෝවල හා පඩිපෙල්වල අනවශ්‍ය ලෙස දිවීමෙන් වැළකිය යුතුය
- විවේක කාලය අවසන් වූ වහාම පන්තිවලට යා යුතුය
- පාසල තුළ පොලිතීන්,කඩදාසි,ටොෆි කොළ වැනි අපද්‍රව්‍ය නොදමමින් පාසල අලංකාරව තබා ගත යුතුය
- රංචු ගැසී පාසල තුළ ඇවිදීමෙන් වැළකීම හා පන්තියෙන් බැහැරව යමේ අවසර ක්‍රම මගින් පමණක් පිටතට යාම සිදුකළ යුතුය
- විදුහල්පති හා ආචාර්ය මණ්ඩලය මෙන්ම ශිෂ්‍ය නායක නායිකාවන්ට අවනත විය යුතුය.
- පාසල නිමාවේදී වාදනය ප්‍රචාරණය වන අවස්තාවේ නිශ්ශබ්ද වීම හා ගාතා ගායනා කර පේලියට පිට වීම කල යුතුය.
- උදෑසන පාසලට ඇතුලු වූ පසු පස්වරු 1.30 වන තුරු පිටතට යාම තහනම් වේ.